යටියන මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

දන්ත සායන දිනය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG_E4890.jpg

මෙම විදුහල 1980  දි ආරම්භ කර ඇති බවට සටහනක් ඇතත් 1903 දක්වා කිසිදු ලේඛණගත වෙන සක්ෂියක් නොමැත සිසුන් ඇතුලත් කර ගැනිමෙ ලේඛණයට අනුව 1903 වර්ෂයෝදි ඇතුලත් කිරිම ආරම්භකර ඇත්තේ 215 වැනි ශිෂ්‍යයාය. ගමේ වයස්ගත ප්‍රභුවරුන්ගෙන් අසා දැනගත් තෙරතුරු ගත්කල 1890 ආරම්භ කල බවට ප්‍රමණවත් සක්ෂි ඇත. මෙම විද්‍යලය ආරම්භ කර ඇත්තේ රජයේ සවභාෂා පසලක් වශයෙනි. අක්. 01 පර්. 16 වන මෙම පරිත්‍යාග කර ඇත්තේ ඇවරිවත්තේ ප්‍රසිද්ධ වෛද්‍යාචාර්ය රන්සිරිනෙල් පෙරේරා කුමාරසිංහ මැතිතුමා සහ යටියන විසූ අල්ලිස් පෙරිරා රණසිංහ මැතිතුම යන දෙපල විසිනි පාසැලේ නිල වර්තපොත් සෙයා ගැනිමට ඇත්තේ 1913 වර්ෂයේ පටන්ය් 1913 සිසුන් 103 දෙනෙකු අධ්‍යාපනය ලබා ඇති අතර උපගුරුවරයෙකු හා මොනිටර් ගුරුවරු දෙනෙකු ආචායවරුන් වශයෙන් පත් කර ඇත.

1890 සිට දක්වා අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් ඇත්තේ තාවකාලික මඩුවල V.D. ජොරනිස් මුල් ගුරුතුමාගේ පාලන කාලයෙදී රජයෙන් ස්ථිර ගොඩනැ ගිල්ලක් සාදවා දිමට අත්තිවාරම් යොද ඇත. 47*32 ප්‍රමාණ යෙන් යුක්තවන එම ගොඩනැගිල්ල දැනට විද්‍යාලයේ ඇති පැරණිතම ගොඩනැගිල්ලයි. එය අධ්‍යාපන කටයුතු සදහා විවෘත කර ඇත්තේ 1915 සැප්තැම්බර් මස 10 වැනි දාය එය ශාලාවකින් සහ යාව ඇති ගුරු නිවසයකින් යුක්තය.

 ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව සහ ගුරුවරු සංඛ්‍යාව වැඩි වු අතර විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුදියුණුවීම නිසා 1959 වර්ෂයේදී 100*20 තවත් ගොඩනැගිල්ලක් සහ වෙන්ව පිහිටි විදුහල්පති නිවසයක් ඉදි කිරිමට ආරම්භ කර ඇත. මෛම වකවාණුව වන විට මෛම විද්‍යලය යටියන බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය නමින් හදුන්වා වර්ග කර ඇත.

   මේ අතර විද්‍යාලයට අත්‍යාවශ්‍යව තිබු බුදු මැදුරක් 1972 වර්ෂයේදී අලංකාර අන්දමින් වෛද්‍යාවරය සහ ඩබිලිව්.පී.රණසිංහ මැතිතුමා විසින් සාදව පරිත්‍යාග කර ඇත . මෛම බුදු මැදුර පරලෝ සැපත් තම දෙමවිපියන් සදහා පිං අනුමෝදන් කරවිමේ පරමාර්ථයෙන් ඉදි කිරිම ආදර්ශ්‍රමත්ය.

  1978 වර්ෂයේදි 80*20 ප්‍රමනයෙන් යන්න ගොඩ නැගිල්ලක් ප්‍රාථමික ආංශය සදහා රජයෙන් තනා දී ඇත.

1936 මාර්තු 07 වැනිද එවකට ආරම්භ කරන ලද ගුරු දෙගුරු සමිතිය අද පාසැල් සංවර්ධන සමිතිය නමින් ක්‍රියා ශීලිව  විද්‍යාලයේ දියුණුවට කට යුතු කරයි. කණිෂ්ඨ විද්‍යාලයක් වශයෙන් දියුණුව මෛම විද්‍යාලය 1980 ජුනි මස 17 වැනි දින සිට "1 සී'' තත්වයේ මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදී . අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම ක්‍රිඩා හා විෂය බාහිර කටයූතු වලදී සිසුන් නොයෙකුත් අන්දමේ දක්ෂතාවයන් පෙන්නුම් කර ඇති අතර විද්‍යාලයට අවශ්‍ය ක්‍රිඩා භුමියක් සදහ අක්. 01ට වැඩි ප්‍රමණයේ ඉඩම ලබා දී ඇත්තේ වෛද්‍යනිධි  එස්. පී. රණසිංහ මැතිතු මාගේ සහෝදරයෙකු වන ආභාව්ප්‍රාප්ත රණ්සිංහ කඩෙමගනා විසිනි.  

ආරම්භ කළ වර්ෂය

1980  ජනවාරි 10 දින

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

V.D. ජොරනිස්

පාසලේ ආදි කතෘගේ නම

ඩබිලිව්.පී.රණසිංහ මැතිතුමා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

යටියන මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ඩබිලිව්.පී.රණසිංහ මැතිතුමා

පාසල රජයට පවරාගත් දිනය

1980  ජනවාරි 10 දින

පාසල පැවැත්වූ ස්ථානය

යටියන

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

P.k සුනිල් ආරියවත්ත

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

M.M චන්ද්‍රවති සූරියසිංහ

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1980 ජනවාරි 10 දින