යටියන මහා විද්‍යාලය

නිර්මාතෘවරු

දන්ත සායන දිනය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG_E4890.jpg

විද්‍යලය ආරම්භ කර ඇත්තේ රජයේ සවභාෂා පසලක් වශයෙනි. අක්. 01 පර්. 16 වන මෙම පරිත්‍යාග කර ඇත්තේ ඇවරිවත්තේ ප්‍රසිද්ධ වෛද්‍යාචාර්ය රන්සිරිනෙල් පෙරේරා කුමාරසිංහ මැතිතුමා සහ යටියන විසූ අල්ලිස් පෙරිරා රණසිංහ මැතිතුම යන දෙපල විසිනි පාසැලේ නිල වර්තපොත් සෙයා ගැනිමට ඇත්තේ 1913 වර්ෂයේ පටන්ය් 1913 සිසුන් 103 දෙනෙකු අධ්‍යාපනය ලබා ඇති අතර උපගුරුවරයෙකු හා මොනිටර් ගුරුවරු දෙනෙකු ආචායවරුන් වශයෙන් පත් කර ඇත.

1890 සිට දක්වා අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් ඇත්තේ තාවකාලික මඩුවල V.D. ජොරනිස් මුල් ගුරුතුමාගේ පාලන කාලයෙදී රජයෙන් ස්ථිර ගොඩනැ ගිල්ලක් සාදවා දිමට අත්තිවාරම් යොද ඇත. 47*32 ප්‍රමාණ යෙන් යුක්තවන එම ගොඩනැගිල්ල දැනට විද්‍යාලයේ ඇති පැරණිතම ගොඩනැගිල්ලයි. එය අධ්‍යාපන කටයුතු සදහා විවෘත කර ඇත්තේ 1915 සැප්තැම්බර් මස 10 වැනි දාය එය ශාලාවකින් සහ යාව ඇති ගුරු නිවසයකින් යුක්තය.

 ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව සහ ගුරුවරු සංඛ්‍යාව වැඩි වු අතර විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුදියුණුවීම නිසා 1959 වර්ෂයේදී 100*20 තවත් ගොඩනැගිල්ලක් සහ වෙන්ව පිහිටි විදුහල්පති නිවසයක් ඉදි කිරිමට ආරම්භ කර ඇත. මෛම වකවාණුව වන විට මෛම විද්‍යලය යටියන බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය නමින් හදුන්වා වර්ග කර ඇත.

   මේ අතර විද්‍යාලයට අත්‍යාවශ්‍යව තිබු බුදු මැදුරක් 1972 වර්ෂයේදී අලංකාර අන්දමින් වෛද්‍යාවරය සහ ඩබිලිව්.පී.රණසිංහ මැතිතුමා විසින් සාදව පරිත්‍යාග කර ඇත . මෛම බුදු මැදුර පරලෝ සැපත් තම දෙමවිපියන් සදහා පිං අනුමෝදන් කරවිමේ පරමාර්ථයෙන් ඉදි කිරිම ආදර්ශ්‍රමත්ය.

  1978 වර්ෂයේදි 80*20 ප්‍රමනයෙන් යන්න ගොඩ නැගිල්ලක් ප්‍රාථමික ආංශය සදහා රජයෙන් තනා දී ඇත.