බස්නාහිර පළාතෙ ගම්පහා දිස්ත්‍රික්කයෙ මිනුවන්ගොඩ ප්‍රදේශයෙ කෙත්යාය ඇල දොළින් සුසැදුණු යටියන ග්‍රාමයෙ සදාහරිත වනස්පතිය මැදිව අඹ උයනක පිහිටි යටියන මහා විද්‍යාලය ගුණ සුවද පිරිපුන් දූ පුතුන් හෙළ බිමට දායාද කරමින්,ගම මැඩ පිහිටි මහගු මිණකි. ප්‍රාථමික හා ද්විතික අංශ දෙකකින් සමන්විත විද්‍යාලයෙ දූ පුතුන් නැණ නුවණ වඩමින් ශාරිරික හා මානසික සංවර්ධනය ප්‍රගුණ කරමින් විශිෂ්ඨ ක්‍රිඩා කුසලතා ප්‍රදර්ශනය කරමින් දැල්පන්දු,අත්පන්දු,එල්ලෙ,ක්‍රිකට් හා චෙස් ක්‍රිඩාවේ නියැලෙමින් ජයග්‍රහණ සාත්ශාත් කරමින් ඉදිරියටම ගමන් කරමින් සිටිති.
අනාගත වැඩ ලෝකයට ගැළපෙන ආදර්ශමත් දරු පිරිසක් සමාජයට දායද කිරිමයි.
ජාතික අධ්‍යාපන අරමුණ විෂය මාලාව ක්‍රියාත්මක කිරිමෙන් සැගවුණු කුසලතා වර්ධනය කරන අනය සංස්කෘතියන්ට ගරු කරන සාරධර්ම වලින් පිරිපුන් දරු පිරිසක් බිහි කිරිම සදහා ඵලදායි කාර්යක්ෂම ආයතනයක් ලෙස පාසල සංවර්ධනය කිරීම.